History

පුංචි සරසවියේ ඉතිහාසයෙන් බිඳක්      

 

පොරමඩුල්ල නදී විදුහලේ ඉතිහාසය දෙසට එබිකම් කොට බලද්දී විදුහලේ ආරම්භය වර්ෂ 1901 දක්වා ඈතට දිවෙයි. එම වර්ෂයේ කරඳගොල්ල ප්‍රදේශයේ කුඩා මූලික පාසලක් ලෙස මෙම විදුහල ආරම්භ වී ඇත.ඉන්පසු 1920 ගණන් වලදී ද්වී භාෂා විදුහලක් බවට පරිවර්තනය වී දැනට පොරමඩුල්ල ප්‍රාථමික විදුහල ඇති ස්ථානයට මෙම විදුහල ස්ථානගතවී තිබේ.ඉන්පසු එවකට විදුහල්පතිවරයාව සිටි එම්.ඩී.ගුණවර්ධන මහතාගේ හා ප්‍රදේශවාසීන්ගේ බලවත් ඉල්ලීම මත 1946.02.01 දින මෙම විදුහල මැදි විදුහලක් බවට පිළිගෙන තිබේ. අනතුරුව මෙම විදුහල පවත්වාගෙන යාමට ඕපාත වලව්ව නොහොත් මහගෙදර වලව්ව විදුහල්පතිතුමා වෙත පවරා දී ඇත.එම ගොඩනැගිල්ල දැනට බාලිකා නේවාසිකාගාරය තිබෙන ස්ථානයේ වූ බව කියවේ. මෙම ගොඩනැගිල්ල තුළ පන්ති ආරම්භ කර ඇත්තේ 1946.03.01 වනදාය.

1945.05.15 වනදින මෙම විදුහලට විදුහල්පතිව පත්ව ආ පී.ඊ.ජී.මෙන්ඩිස් මහතා එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි ඩී.එස්.සේනානායක මැතිතුමන් ගෙන්වා විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ල සැදීමට 1951.06.01 වන දින මුල්ගල තබන ලදී.පසුව විදුහල්පති වශයෙන් පත්ව ආ කීර්ති.ඩබ්ලිව්.දිසානායක මහතා විද්‍යාලිය ගීතය නිර්මාණය කරන ලදී.

ඉන්පසු පොරමඩුල්ල මැදි විදුහලේ ස්වර්ණමය යුගය උදාවන්නේ පී.සෙනරත් මහතා විදුහල්පති ලෙස සේවයට පැමිණි විටය. විදුහල වටා තිබූ කඳු ගොඩනැගිලි එතුමාගේ නියමයෙන් සමතලා විය.පොරමඩුලු මැදි විදුහල් බිම අලංකාර උයනක සිරි මවන්නේ මෙතුමාගේ අවදිය තුලය.මෙම ස්වර්ණමය සෙනරත් යුගයේදී විදුහල තුළ සිදුවූ සුවිශේෂී සිදුවිඉම් රැසකි.1956.11.05 දින පෙ.ව.7.15 ට යෙදුනු සුභ මොහොතින් විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ගෙවදීම ඉන් කැපී පෙනෙන සිදුවීමකි.1957 වසරේදී බාලිකාවන් සඳහා නේවාසිකාගාරයක් විදුහලේ ප්‍රධාන ගොඩනැගිල්ලේම පවත්වාගෙන ගොස ඇති අතර පසුව එය ඕපාත වලව්ව පිහිටි ස්ථානයට ගෙන ගොස් ඇත.අභිනවයෙන් ඉදිකළ බාලක නේවාසිකාගාරයට ගෙවදී ඇත්තේද 1957 වර්ෂයේමය.1954 දී මෙම විදුහලේ විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්ති අරඹා ඇත.1957 දී සිදුවූ තවත් වැදගත් සිදුවිඉමක් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විදුහලකින් පළමුවරට විශ්වවිද්‍යාලයට ඇතුලත් විඉමට වරම් ලැබූ ශිෂ්‍යයා මෙම විදුහලින් බිහිවීමයි.ඒ.සී.එන්.නන්දිසේන මහතා ය.මෙම විදුහලින් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට ඉදිරිපත් වූ හා විශ්ව විද්‍යාලයට ඇතුල් වූ ප්‍රථම ශිෂ්‍යයා වීමේ භාග්‍යයද නන්දිසේන මහතා හිමිකරගත්තේය.

විද්‍යාලිය ක්‍රීඩා ක්ෂේත්‍රයා තුළ මේ යුගයේ පැවතියේ කැපී පෙනෙන දියුණුවකි. ජවන හා පිටිය, වොලිබෝල්, මල්ලවපොර, නෙට්බෝල්, බොක්සිං ආදී ක්රිදාවන්ගේ විශාල දියුණුවක් මෙම යුගයෙදී දක්නට ලැබුණි.දිස්ත්‍රික්,පළාත් හා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රැසක් මෙම යුගයේදී අත්කරගැනීමට විද්‍යාලිය ශිෂ්‍ය,ශිෂ්‍යාවන්ට හැකිවී ඇත.ශිෂ්‍ය භට කණ්ඩය, බාලදක්ෂ ව්‍යාපාරය, නාට්‍ය හා කලා සංගමය, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය, උසස්  පාඨශාලීය අධ්‍යාපන කවය ආදිය මෙම යුගයේදී ආරම්භ කොට ඇත. ප්‍රථම ත්‍යාග ප්‍රදානෝත්සවයද මෙම වසරේ පැවැත්වින.

1959 වසරේදී පොරමඩුල්ල ප්‍රාථමික පාඨශාලාව වෙනම විදුහලක් ලෙස වෙන්කර 6 වසරේ සිට උසස් පෙළ දක්වා පන්ති ඇරඹූ අතර ආරම්භක ශිෂ්‍ය ‌‍‌‍‌‌‌සංඛ්‍යාව 510 ද ගුරුවරුන් ‌‍‌‍‌‌‌සංඛ්‍යාව 25 ද විය. 1959 වසරේදී විදුඑලිය සඟරාවද 1960 දී විදුර නාඩගමද කලඑළි බසින ලදී. 1961 වසරේදී විද්‍යා, වාණිජ හා සංගීත අංශ ආරම්භ විය. ප්‍රථම නිවාසාන්තර ක්‍රීඩා උළෙල ද මෙම වසරේදී ඇරඹින.විදුහල විදුලි ආලෝකයෙන් ආලෝකමත් වීමද 1961 වසරේම සිදුවිය. 1962 වසරද විදුහලට එක්වී ඇත්තේ නව අංගෝපාංග රැසක් විදුහලට එක් කරමිනි.විද්‍යාලිය ක්‍රීඩා මන්දිරය,එළිමහන් රංගපීඨය,ඉදිකිරීම 1962 ආරම්භ විය. මෙම යුගයේදී පාසල් නාට්‍ය ක්ෂේත්‍රයේ පිබිදීමක් දක්නට ලැබුණි. කොත්මලේ හා මහදැනමුත්තා, හවුලේ දෙව්ලොව, එහෙනම් මට කියනවා නාට්‍යය 1962 වසරේද සම්මානලාභී එහෙම උනත් මුදලිතුමා වැනි නාට්‍ය 1967 වසරේද තිරගත විය.

මෙවැනි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන “කන්ද උඩරට පුංචි සරසවිය” ලෙස විරුදාවලිය ලත් අප විදුහල් මෑණියන් නොසැලී ඉන්ද්‍රකීලයක් සේ තවත් දස දහස් වසරක් සව් සිරියෙන් විරාජමානව වැජබේවා යන්න අපගේ පැතුමයි.

සපථ කරමි

අපසු හැරී බලමි.

අවසාන වරට,

තවත් එක වරක්

කඳුළු බරිතව ඔබ දෙස

යා යුතු යැයි

ඈත පෙනෙන අවකාශයට

ඔබ සමුදුන් බැවින්.

එහෙත්,

ආ යුතුය මම,

ඔබ දුන් සුවඳ,

නැවත රැගෙන,

කවදක හෝ

ඔබ වෙත .

 

English view here.